Skip to content

ඉන්ද්‍රියයන්ට වසඟ නොවන්න

ඇස, කණ, නාසය, දිව, කය යන මේවා ඉන්ද්‍රියයෝ වෙති. මේවට යටත් වීම වසඟ වීම නම් වේ. ඉන්ද්‍රියයන් යහපත්ව හැසිරීම යහපතටද, අයහපත්ව හැසිරීම අයහපතටද හේතු වේ. නුවණැති තැනැත්තා ඉන්ද්‍රියයන් යහපත් පරිදි යොදවා තම දියුණුව ලඟා කර ගනියි. අඥානයා ඒවාට වසඟ වී තමා සහ අන්‍යයන්ද විනාශය කරා රැගෙන යයි. ඔබ ඉන්ද්‍රියයන් හසුරුවන්නේ කෙසේ දැයි තේරුම් ගැනීම ඔබගේ දියුණුවට ඉතා අවශ්‍ය වේ.
තමා ඉන්ද්‍රියයන් යටත් කරගැනීම විනා ඉන්ද්‍රියයන්ට තමාව යටත් කරගැනීමට ඉඩ නොදිය යුතුය. ලස්සන, සුන්දර රූප ලෝකයේ බොහෝ පවතී. ඇස නිතරම එවැනි රූප සොයයි. අද ඇසට හමුවුන ලස්සන රූපය හෙට අවලස්සන වීමට ඉඩ ඇත. ඇසට කැමති පරිදි රූපයන් සොයා යාමට ඉඩ ලබා දුනහොත් එය ඔබගේ ජීවිතය විනාශය කරා යොමු කරනු ඇත. කණ, නාසය ආදී ඉන්ද්‍රියයන්ද එසේමය.
ඔබ ඉන්ද්‍රියයන්ට වහල් වී ජීවිතය විනාශ කරනොගෙන, ඉන්ද්‍රියයන් සුදුසු පරිදි යොදවා ජීවිතය ජය ගැනීමට අද සිටම උත්සාහ කල යුතුය

කම්පා නොවෙමු

ලෝකය රණ බිමෙකි. මනුෂ්‍යයා ස්වභාවයෙන්ම රණ කාමියෙකි. තමා අභිමුවට එන පර සතුරන් පරදවා ජයග්‍රහණය කිරීමට නම් අචලව අභිතව සිටිය යුතුය. දිනපතා ඔබට මුහුණ පාන්නට සිදුවන දේ කවරේදැයි කිසිවෙකුටත් කල් ඇතුව කිව නොහැකිය. හැම මිනිසෙකුටම ක්‍රෝධයෙන් සැලෙන, ශෝකයෙන් තැවෙන, ලෝභයෙන් ඇලෙන කවරකට නමුත් දිනපතා මුහුණ පාන්නට සිදු වන්නේමය.

සතර දිගින් හෙන පහරවල් වදින මහා පර්වතයක් නිශ්චලව පවත්නාක් මෙන් තමා ඉදිරියට පැමිණෙන ජීවිතය පිලිබඳ කවර විපතකදී වුවද නොසැලී සිටිය යුතුය. කම්පා නොවී සිටීමට පුරුදු විය හැකි හොඳම ක්‍රමය නම් මිනිසුන් අතර වැඩ කිරීමය.
ප්‍රතිවිරුද්ධ මතධාරීන් සමග ගැටීමෙන් වන පුරුද්ද නිසා අකම්ප්‍ය ගුණය නිරායාසයෙන්ම ඇතිවේ. ලෝකයේ ස්වභාවය සහ ධර්මයේ ස්වභාවය නිසි පරිදි අවබෝධ වීමෙන්ද මෙම ගුණය ඇතිවේ. එසේ නම් ජීවිතය නමැති සටන ජය ගැනීමට නම් අකම්ප්‍ය ගුණය තිබිය යුතුමය.

නම්බු නාම

අන්‍යයන් විසින් ප්‍රදානය කරන නම්බු නාම සහ තමාගේ සිත තුලින් නිපදවා ගනු ලබන නම්බු නාම ලෙස අපට මේවා වෙන්කර හඳුනා ගත හැක. එයින් තමාගේ සිත තුලින් නිපදවෙන නම්බු නාමය උතුම්ය. මන්ද එහි රැවටීමක් හෝ මායාවක් නැති බැවිනි.
ඔබ විසින් උනන්දු විය යුත්තේත්, ඔබගේ ධෛර්යය යෙදිය යුත්තේත් සිත තුලින් ඇතිවන නියම නම්බුව ඇති කර ගැනීමටය. සිතෙහි නියම ස්ථිර ගතියක්, සත්‍යවාදී බවක්, අවංක බවක් පවතී නම් කිසි විඅටක අන්‍යයන් විසින් දෙනු ලබන පුහු නම්බුවකට ඇත නොපායි.
තමාගේ නිවරද සිත තමාට දෙන නම්බු නාමය තරම් පිරිසිදු වුද, නම්බුකාර වුද, අවංක වුද ගෞරවයක් තවත් තිබේද?  එසේ නොමැතිව තමාගේ ආත්ම ගෞරවයත්, ධනයත් නැති කොට තවත් කෙනෙකුගෙන් ලබන නම්බු නාමයෙන් ඇති ප්‍රයෝජනයක් නොමැත.
ඔබ කිසි විටෙක අන්‍යයන්ගෙන් නම්බු නාම ප්‍රාර්ථනා නොකරන්න. තමාගේ සිතින් තමාට ගෞරව ලබා ගැනීමට උත්සාහ කරන්න.

The Leadership is everyone’s thing

Leadership has nothing to do with the title on your business card or the size of your office. Leadership is not about how much money you make or the clothes you wear. Leadership is a philosophy. It’s an attitude. It’s a state of mind. And it’s available to each one of us.

Words are the reflection of your personality

Language offers a framework for meaning. Think about that powerful idea for a second. We understand the world through words. The words you use determine the way you perceive reality. You can use words to hurt someone as well as you can make someone happy. People will measure you from not only your dress, your look, your height or weight but most importantly through your words. Always be careful when you are using words.

Great people always use great language. Not only do they refrain from using profanities, but they use the language of passion. They use the language of leadership. They use the language of possibility. They use the language of love.

විභජ්ජවාදියා

කරුණු එකිනෙකට ගලපා යමක් තෝරා ගැනීම යම් කිසි ධර්මයකට විරුද්ධ නම් ඒ ධර්මය විභාජ්ජවාදියා පිළිකුල් කරනු ලබයි
යම් කිසි ආගමක ඇතුලාන්තය කැමති පරිදි කිහා තර්ක කිරීම ඒ ආගමට විරුද්ධ නම් ඒ ආගම ඔහු ප්‍රතික්ෂේප කරයි
ආගම, ධර්මය, ශාස්ත්‍රය, පාලනය, චාරිත්‍රය සියුම් පරීක්ෂණ වලට භාජනය නොකොට තබත්ම ඒවායින් වන යහපතට වඩා අයහපත වැඩි වන්නේය
පැරණි වූ තරමට , පරම්පරාවෙන් පැමිණි නිසා හෝ වැඩි දෙනා පිළිගත් පමණින් යමක් මුවෙන් නොබැන පිළිගැනීමට බල කරන්නට වූ තැන පටන් විභජ්ජවාදීන් නැති වන්නට විය.
ඔවුන් නැති වත්ම ඇති වුයේ නිකම් හිස් මිනිසුන් ගොඩකි. එදා පටන් ලෝකය මුලාවට වැටෙන්නට විය. මේ තත්වය නැවත්වීමට ඔබ විභාජ්ජවාදියකු වන තුරු ලෝකය බලා සිටි

Daily Practices give you the success without much effort

Success, world-class health, internal fulfillment and sustained happiness don’t just happen. These elements of your best life are created.
All too often we look at a human being playing their best game on the playing field of life and assume they got lucky or were born into their lofty condition. What we don’t see is all the devotion and discipline that went into crafting the extraordinary results we see.
What I’m suggesting is that personal and professional greatness takes work. I’m not someone who would ever tell you that you could get to your dreams without having to make some sacrifices and pay the price in terms of dedication and self-control.
The best amongst us make it all look so easy. It is called the Swan Effect – elite performers make personal excellence look effortless and seem to make things happen as gracefully as a swan moves along the water. But like the swan, what you don’t get to see is all the hard-work taking place below the surface.
The best way to create spectacular results in the most important areas of your life is through daily practice. First you have to make a plan for everyday when you wake up or after your breakfast. Then practice this method of planning the day and stick to the plan. There can be situation where we should deviate from our initial plan. But the important thing is that we have a plan to execute. Then you don’t need to go after the success. Instead it will come after you.

නුවනින් පරික්ෂා කිරීම සත්‍යය දක්නා කැටපතයි

ඔබ යමක් පිළිගන්නේ විශ්වාසය පිට නම් ඔබ සමග තර්ක කිරීමක් නැත. විශ්වාසය පෙරටු කර ගත්තහුට පිළිගත නොහැකි දෙයක් නැත. 
ඔහුට ශාස්ත්‍රයෙන් පිහිටක් නුවුමනාය. ඔහුට කාරණය දල වූ තරමට රසය. නොතේරෙන තරමට උසස්ය. ව්‍යාකුල වූ තරමට මිහිරිය. එසේ වූ තැනැත්තා මෙලොව අන්ධකාරය දියුණු කරන්නන්ගේ පක්ෂයේ සාමාජිකයෙකි. නමුත් ඔබ ඔබටත් සිහි බුද්ධියක් ඇති බව සලකා බැලීමට කැමති නම් ඔබ සමග තර්ක කිරීම , යමක හරි වැරදි කතා කිරීම , අපතේ නොයයි. 
ශාස්ත්‍රය ඔබ සඳහාය. ධර්මය ඔබ සඳහාය. ඔබ ශාස්ත්‍රයත්, ධර්මයත්, විතර්කයත් සත්‍යය ගවේෂණය සඳහා යොදවන්න. ඒ සියල්ලේ උදව්වෙන් ඔබ ආලෝකය සොයන්න.

ධන බලයේ ප්‍රතිබිම්භය සිඟන්නාය

සිඟන්නා ඔබට උසස් පණිවුඩයක් ගෙන එන්නෙකි. ඔහු ඔබට ඔබගේ රටේ තත්වය පැහැදිලි ලෙස පෙන්වා දෙන මිත්‍රයෙකි. ඔහුගේ ඉන වට ඔතා ගත් වැරහල්ල, සයින් වැහැරුණු සිරුර, සුසුමෙන් නොතොර මුව, දුක්මුසු අදෝනාව, ඔබේ සමාජයේ පවත්නා විෂම වැඩපිළිවෙලක විස්තර වාර්තාවකි. ඔහුද ඔබ මෙන්ම මේ පොලවේ සම්පුර්ණ අයිතිය ඇතිව උපන්නෙකි. එහෙත් ඔහුගේ අයිතිය කිසියම් සතුරකු හෝ සතුරු සමාජයක් විසින් පැහැරගත් හෙයින් හේ අනාථය.
ඇතැම් විට ඔබද දැන හෝ නොදැන ඒ සතුරු සමාජයේ සාමාජිකයෙකි. ඔහුගේ අයිතීන් ලබා දීම සඳහා සටන් කිරීම ආත්ම ධෛර්යය ඇති ඔබගේ යුතුකමය.
මනුෂ්‍ය සමාජයෙහි ගෙන් ගෙට ගොස් සිගා කන මිනිසකු ඇතිවීම කොපමණ නින්දාවක්ද? ඔහුගේ ජීවිතය පහත නොවටනා එකක් හැටියට සැලකීම, දුෂිත සමාජයේ නරක ප්‍රතිපල නිසා විපතට වැටුණු මිනිසා ගැන නොසැලකීම බලවත් අපරාධයකි. ඔහුගේ යහපත සඳහා වැඩ කිරීම සමාජ සේවාවයි. ඔහුව සිඟමන් යැදීමෙන් ඉවත් කර යම් කිසි ජීවිකාවක් කර ගැනීම සඳහා යොමු කිරීම ඉතා විශිෂ්ට සමාජ සේවාවකි.

Focus will drive you to the victory

One of the primary reasons that people and organizations fail to get to greatness is that they try to be too many things to too many people. I’ll use the Confucius quote I often use here: “Man who chases two rabbits catches neither.”

The most successful human beings are wildly focused. They have a very clear picture of what it is they want to create by the time they reach the end of their lives and then they have the discipline (and courage) to stick to their mission – saying “no” to everything that is not mission critical.

So my gentle suggestion to you is to simplify your life. Strip away all that is unimportant – these are the things keeping you from getting to your dreams. And then once you do your clean up, focus, focus, focus. You’ll be surprised how good you will then get at being great.